ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 27, 2022

ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට උදව්කලා වගේම ආණ්ඩුව ජනතාව මත පීඩනයක් පටවනවා නම් ඊට විරුද්ධවීමට අපට අයිතියක් තිබෙන බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඕනෑම වෙලාවක අණ්ඩුව අත්හැරීමටත් තමා සූදානම් බවද ඔහු අවධාරණය කළා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා.

‘‘පාසැල් දරුවන්ගේ භාණ්ඩවල මිල හොදටම වැඩියි.මේ පිළිබඳව ආණ්ඩුව තුළ අපි සාකච්ඡා කරනවා. අපි ආණ්ඩුවේ හිටියට ආණ්ඩුවේ එහෙයියෝ නොවෙයි. ආණ්ඩුවක් හදාලා ප්‍රේක්ෂකාගාරයේ සිට නරඹන පිරිසක් නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට උදව්කලා වගේම ආණ්ඩුව ජනතාව මත පීඩනයක්  පටවනවා නම් ඊට විරුද්ධවීමට අපට අයිතියක් තියෙනවා. ඒවගේම ඒ අයිතිය භාවිතා කිරීමට මැලිවෙන්නෙත් නෑ. ඕනෑම වෙලාවක අණ්ඩුව අත්හැරීමටත් මා සූදානම්. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැරීමට සූදානම් නෑ. ජනතාවට ඇතිවී තිබෙන පීඩනය පිළිබඳව අපි අනන්තවත් සාකච්ඡා කර තිබෙනවා. මේවාට ඇහුම්කන් දෙන තත්ත්වයට ආණ්ඩුව පත්කිරීමට  කටයුතු කරලා එයත් ඵලදායක නොවන්නේනම්  අපි කැමතියි අපේ ස්වාධීනත්වය, පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරගෙන ක්‍රියා කිරීමට.


No comments:

Post a Comment

Post Bottom Ad