ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී දෙමල සන්ධානයට ඕන දේ කෙළින්ම කියයි! ජවිපෙ ඇවිත් නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 13, 2022

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී දෙමල සන්ධානයට ඕන දේ කෙළින්ම කියයි! ජවිපෙ ඇවිත් නෑ!

ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි 75 වන නිදහස් දින සැමරුමට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබෙනවා. ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර තිබෙනවා. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණා.

මේ සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වුවත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙකුත් ඒ සඳහා සහභාගී වී නොමැත.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා,

“කාරණා 3ක් ගැන අපි සාකච්ඡා කළා. ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වෙච්ච අය ගැන ප්‍රශ්නය. බලය බෙදීමේ ක්‍රමය ගැන ව්‍යවස්ථාවේ තිබෙන දේවල් ඉටුකරන්න.. පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කළා. ජනාධිපතිවරයා නිතරම කිව්වේ පෙබරවාරි 04ට කලින් අපි එතුමාට කියන්න ඕනේ ලු..සංහිඳියාව ඇති කරන්න පුළුවන් ද? බැරිද? කියලා. නැත්නම් ඒක පාර්ලිමේන්තුවට වාර්තා කරනවා කිව්වා බැරි දෙයක් කියලා.”


No comments:

Post a Comment

Post Bottom Ad