ජලනි එක්ක බෑ - හර්ෂ, එරාන්, කබීර් ආණ්ඩුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 3, 2023

ජලනි එක්ක බෑ - හර්ෂ, එරාන්, කබීර් ආණ්ඩුවට!

හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් යන සමගි තැන බලවේග මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ එක්වී රජයට සහය දක්වනු ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත් වාර්තා කර ඇත්තේ මෙම හැර යාම සම්බන්ධයෙන් සජිත් පේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස අනවශ්‍ය ලෙස පක්ෂයේ කටයුතුවලට මැදිහත් වීමද බලපා ඇති බවයි.

මෙම බිඳී යාම වළක්වා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවද වාර්තාව කියා සිටී.

සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට එක්වීමට ගෙන ඇති තීන්දුව සමග ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබලයට පත්වී ඇති බවත් ඒ දැනට එම පක්‍ෂය දරන ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් ඉවත් වී එම අමාත්‍ය ධුර විපක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිතව ඇති නිසා බව ද වාර්තා වැඩිදුරටත් කියා සිටියි.
-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad