ටියුෂන් සර්ගේ කතාව බොරුවක්! හෝටලයෙන් බිමට පැන්න අවුරුදු 16 සිසුවියට අන්තිම කෝල් එක දීලා තියෙන්නේ හෝටලයට එක්කගෙන ආපු යාළුවා! - විගස පුවත් - Vigasapuwath

Saturday, May 13, 2023

ටියුෂන් සර්ගේ කතාව බොරුවක්! හෝටලයෙන් බිමට පැන්න අවුරුදු 16 සිසුවියට අන්තිම කෝල් එක දීලා තියෙන්නේ හෝටලයට එක්කගෙන ආපු යාළුවා!

කළුතරදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අවසන්වරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ ඇය එම හෝටලය වෙත කැඳවාගෙන ගිය යෙහෙළිය විසින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කෝපයටත් කලබලයටත් පත්වූ ශිෂ්‍යාව හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසයි.

19 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඇය නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ තැනැත්තියක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

19 හැවිරිදි තරුණිය ඇගේ පෙම්වතා සමග එක්ව විහාරා නමැති මෙම 16 හැවිරිදි දැරිය හෝටලය වෙත කැඳවාගෙන ගොස් තිබිණි.

එහිදී මොවුන් දෙදෙනා දැරිය 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වෙත භාරදී පසුව හෝටලයෙන් පිටව ගොස් තිබූ බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

පොලිසිය සැක පහල කරන්නේ විහාරා දැරිය අමාරුවේ දමා ඇත්තේ මෙම යුවළ විසින් බවයි.

විහාරාගේ ජංගම දුරකථනයට අවසන්වරට ඇමතුම ලබාදුන් අවස්ථාවේ ඇය තෝ මාව කෑවා මාව මරාගත්තානම් මීට වැඩිය හොඳයි, මාව බ්ලැක් මේල් කරන්න එපා යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ 19 හැවිරිදි සිය යෙහෙළියට බවට පොලිසිය විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින 19 හැවිරිදි තරුණියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර සිටියි.

මෙහිදී මියගිය දැරියත් 19 හැවිරිදි යෙහෙළියත් අතර සිදුවූ දුරකථන සංවාදය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් මෙම ඇමතුම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *