පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්! සාගර කාරියවසම්ට වේදිකාව පිටිපස්සේදී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අලි බාල්දියක් පෙරළිලා! - විගස පුවත් - Vigasapuwath

Saturday, May 13, 2023

පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්! සාගර කාරියවසම්ට වේදිකාව පිටිපස්සේදී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අලි බාල්දියක් පෙරළිලා!

කැම්බල් පිටියේ පැවැති පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක් ‘රාජ්‍ය රහස්’ තීරයට මේ වනවිට ආරංචි වී තිබේ. ඒ, බැසිල් සම්බන්ධයෙන් මතු වූ අර්බුදයකි. බැසිල් හදිසියේම ලංකාවෙන් පිටවීමට පවා මෙය එක් හේතුවක් වූ බවක් දැනගන්නට තිබේ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක්ම මැයි 01 වැනිදා කැම්බල් පිටියට පැමිණ සිටියේ නැවත වතාවක් මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික නායකයා වශයෙන් අභිෂේක ගන්වා අගමැති සටන ආරම්භ කිරීමටය. නමුත් වේදිකාවේ පසුතලයේ මහින්දගේ මුහුණට සමානව බැසිල්ගේ මුහුණද ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමත් සමග පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණු රතු වී ගිය බවක් දැකගන්නට ලැබිණි. එමෙන්ම බැසිල් වේදිකාවට පැමිණෙද්දී ඔහු පක්ෂයේ ඊළඟ නායකයා මෙන්ම, පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බව හැඟවෙන ආකාරයේ විශාල පිළිගැනීමක් සංවිධාන කර තිබීමද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අප්‍රසාදයට හේතු වී තිබිණි.

අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රැලිය අවස්ථාවේදීම බැසිල් හිතවාදී සාගර කාරියවසම් සහ මහින්ද හිතවාදීන් අතර වේදිකාව පිටුපස මේ සම්බන්ධයෙන් විශාල මතගැටුමක් සිදුව ඇති බවය. එහිදී මහින්ද හිතවාදීන් මැයි රැලියේදී බැසිල්ව උළුප්පා දැක්වීමට විරෝධය පළකරමින් සඳහන් කර තිබුණේ මෙම රැලියේදී බැසිල් හෝ ගෝඨා හෝ නොව, මහින්ද රාජපක්ෂ පමණක් කැපීපෙනෙන ලෙස රැලිය සංවිධාන කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවකි. රැලියෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රසිද්ධියේම බැසිල් පක්ෂයේ ඊළඟ නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස හැඟවෙන පරිදි අදහස් දැක්වීම හේතුකොට ගෙන මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

රාජ්‍ය රහස්
මව්රට


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *