‘ජනක ජනාධිපති කරන්න මං නෑ..’ - සරත් සිල්වා පලමු රැස්වීමටම බාල්දියක් පෙරලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 25, 2023

‘ජනක ජනාධිපති කරන්න මං නෑ..’ - සරත් සිල්වා පලමු රැස්වීමටම බාල්දියක් පෙරලයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජනාධිපති වරණයට සූදානම් කිරීමේ ජනහමු සඳහා තමන් සහභාගි නොවන්නේ යැයි හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා දන්වා තිබේ.

අද පස්වරුවේ ජනක රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ පැවැත්වීමට සංවිධානය කර ඇති සම්මන්ත්‍රණයේ සංවිධායකයන්ට ඔහු විසින් මේ බව දන්වා ඇත.
 
රත්නායක මහතා සමග තමන් මාධ්‍ය හමුවකට සහභාගී වූයේ විදුලි ගාස්තු වැඩි කිරීම නිමා මහජනතාවට අපහසුතාවයට ලක්වීම නිසා බවත් මහජන ගැටලු සඳහා තමන් පෙනී සිටිනවා මිස කිසිවකු ජනාධිපති කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තමන් මැදිහත් නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.

මහජන පවුර නම් සංවිධානයක් විසින් අද පස්වරුවේ කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සංවිධානය කර ඇත්තේ ජනතාව පෙළන විදුලිබල අඩු කල නොහැකිද යන මැයෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad