“මැක්කා මම යුධ හමුදාපති කාලේ මටත් කතා කරනවා” – විපක්ෂයේ ඉන්න මැක්කා ගැන ෆොන්සේකා කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 25, 2023

“මැක්කා මම යුධ හමුදාපති කාලේ මටත් කතා කරනවා” – විපක්ෂයේ ඉන්න මැක්කා ගැන ෆොන්සේකා කියයි (VIDEO)

මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සඳහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසුවා. 
මේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකානු තානාපතිවරියද සිටින බව මැක්කා සඳහන් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා ශවේන්ද්‍ර සිල්වා තමා සමග කතා කළ හෙයින් ඔහු ඉවත් කරන ලෙසට මැක්කා ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළා.

සරත් ෆොන්සේකා මහතා මෙසේද සඳහන් කළා.

“ජනතාව සතුටින් සිටින බවක් පේන්නෙ නැහැ. අපිට නම් පේන්නේ ලොකු කරදරයක සිටින බව. මේ රටේ දරුවන් ගෙන් සියයට 15 කට මන්දපෝෂණය. දරුවන්ගෙන් සියයට පනහකට හරියට කෑම බීම ලැබෙන්නේ නැහැ. විරැකියාව වර්ධනය වෙනවා. ව්‍යාපාර වැසීගෙන යනවා. හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වහලා දාලා තියෙනවා. දහස් ගාණකට රැකියා නැතිවෙලා. මේ සංවර්ධනය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ. සංවර්ධනය අපිට දැනෙන්න ඕන.”


No comments:

Post a Comment

Post Bottom Ad