තෙල් පෝලිම් නැත්තේ ජනතාවට සල්ලි නැති නිසා.. ආණ්ඩුවේ හැකියාවකින් නොවේ - කබ්රාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 24, 2023

තෙල් පෝලිම් නැත්තේ ජනතාවට සල්ලි නැති නිසා.. ආණ්ඩුවේ හැකියාවකින් නොවේ - කබ්රාල්

අද වන විට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන්නේ රජය විසින් රට පුරා අවශ්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමක් සිදු කිරීමකින් නොව ජනතාවගේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඉන්ධන භාවිතය අවම වීමෙන් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ජනතාව තමා ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අවම කර ඇති බවද හෙතෙම පැවසීය.

මේ වන විට රටේ ඩීසල් පරිභෝජනය 33% කින් හා පෙට‍්‍රල් පරිභෝජනය 50%කින්, භූමිතෙල් පරිභෝජනය 75% කින් අඩු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන පෝලිම් නැති වීම සඳහා ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණාවක් පමණක් බවත් ඉන්ධන පරිභෝජනය විශාල ලෙස පහළ ගොස් ඇත්තේ ජනතාවගේ ආර්ථික පිරිහීම නිසා අතේ මුදල් නැති වීම නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad