රෝසිත් ජනපතිට එක්වෙයි.. ජනාධිපති උපදේශක ධුරයක්.. නගරාධිපති නිල වාහනයම රියදුරු සමග! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 25, 2023

රෝසිත් ජනපතිට එක්වෙයි.. ජනාධිපති උපදේශක ධුරයක්.. නගරාධිපති නිල වාහනයම රියදුරු සමග!

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී තිබේ.

ඇයට ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරයයි.
 
මෙය ලබා දී ඇත්තේ ගරු තනතුරක් ලෙස වන අතර එම තවතුරට වැටුප් නොලැබෙන අතර ප්‍රවාහන පහසුකම් පමණක් සලසනු ලබයි.
 
තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන දෙන ලෙසද හිටපු නගරාධිපතිනිය ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව එම රථය හා ඇයගේ හිටපු රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad