පඩ ගවනන සලල න... බලයන 10කට ඉඩමක වකණ පඩ ගවනන කබනට පතරකවක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 18, 2023

පඩ ගවනන සලල න... බලයන 10කට ඉඩමක වකණ පඩ ගවනන කබනට පතරකවක!

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් බිලියන දහයකට විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ. සංස්ථාවේ සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා පැවසුවේ ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකර අධිකාරියේ සේවක වැටුප්, හිග වැටුප් සහ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාබදව පිහිටි ඉහළ වටිනාකමක් සහිත අක්කර 17 කට වැඩි භූමි ප්‍රදේශයක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇත.

යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ගේ මැයි මාසයේ වැටුපෙන් ගෙවා ඇත්තේ රුපියල් දහසක් පමණක් බවත් සභාපතිවරයා පැවසීය.

එමෙන්ම මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්රයේ අඩපණව පැවතීම නිසා ඉංජිනේරු සංස්ථාවට ද ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වී තිබේ.

එම සංස්ථාව සහ යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad