ලබන 28 ද ජනපත පරධනතවයන ආණඩ පකෂය සයල මනතරවරන කඳව තරණතමක රසවමක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 24, 2023

ලබන 28 ද ජනපත පරධනතවයන ආණඩ පකෂය සයල මනතරවරන කඳව තරණතමක රසවමක!

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  ලබන  28 වැනිදා තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ආණ්ඩු පක්ෂයේ  සියලුම  පාර්ලිමේන්තු නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට මේ වනවිට  ආණ්ඩු පක්ෂය තුළ ඇති වී තිබෙන විසංවාදය පුළුල්ව සාකච්ඡාවට බඳුන් කිරීමට සැලසුම් කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ආණ්ඩු පක්ෂය තුළින්ම ප්‍රබල විරෝධයක් මතුවුන  අස්වැසුම සුබසාධන ක්‍රමය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙන්ම, යුරෝපා සංචාරයෙන් රටට අත්වූ ප්‍රතිලාභ ගැන මෙහිදී ප්‍රධාන ලෙසම සාකච්ඡාවට බඳුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම කැබිනට් ඇමති ධූර ඉල්ලා බලපෑම් කරමින් සිටින පොහොට්ටු කණ්ඩායමේ ප්‍රබලයින්වන සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු,  රෝහිත අබේගුණවර්ධන ඇතුළු කණ්ඩායමට එම ඇමති ධූර ලබා දීම සම්බන්ධවත් මේ අවස්ථාවේ දී සාකච්ඡා කරනු  ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

එමෙන්ම ලබන .28 වැනිදා සිට 03 වැනිදා දක්වා    ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන්ට කොළඹ රැඳි සිටින ලෙසද ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දන්වා ඇතැයි වාර්තා වේ.
-lankasara

No comments:

Post a Comment

Post Bottom Ad