විශේෂඥ මණ්ඩලය අවසර නොදෙන බෙහෙත් පවා ගේනවා! රටම දන්න දොස්තර ආනන්ද විජේවික්‍රමගෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට බරපතළ චෝදනාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 19, 2023

විශේෂඥ මණ්ඩලය අවසර නොදෙන බෙහෙත් පවා ගේනවා! රටම දන්න දොස්තර ආනන්ද විජේවික්‍රමගෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට බරපතළ චෝදනාවක්!

විශේෂඥ මණ්ඩල මගින් අවසර ලබා නොදෙන ඖෂධ පවා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය රට තුළට ගෙන්වන බව, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

රට තුළට ඖෂධ ගෙන්වීමේ දී, අදාල ඖෂධ සදහා අවසර ලබා ගැනීමට, ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥ කමිටුවක් පත් කළ යුතුය. නමුත්, මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය එකී ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරන බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
 
විශේෂඥ කමිටුවක් පත්කළද, ඇතැම් අවස්ථාවල දී, එකී විශේෂඥ කමිටුව විසින් ගෙන්වීම සදහා අවසර දිය නොහැකි බවට නිර්දේශ කරන ඖෂධ පවා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන්වන බව ද ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය කිසියම් ඖෂධයක් ගෙන්වීමට තීරණය කරතිබේනම්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, එකී ඖෂධය ගෙන්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට ඉඩ දිය යුතුය යන ස්ථාවරයේ, බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සිටින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.


තමන් මේ ප්‍රකාශය සිදුකරන්නේ ඉතාමත්ම වගකීමෙන් බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ සංවාදශීලී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කර සිටියේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad