ජනාධිපති මන්දිරයෙන් හමු වූ සල්ලි විනාශ වූ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න එකතු වුන ඒවා – ගෝඨාභය රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 19, 2023

ජනාධිපති මන්දිරයෙන් හමු වූ සල්ලි විනාශ වූ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න එකතු වුන ඒවා – ගෝඨාභය රාජපක්ෂ

අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ලබා දුන් දෙවන ප්‍රකාශයේ එය සදහන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවටත් එම ප්‍රකාශයේ සදහන් වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේතුවෙන් එම මුදල් ලැබාදුන් අයගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවද ඔවුන් දන්වා සිටියා.

එම මුදල් තමාගේ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අයිතිවාසිකම් කියන බවට අධිකරණයට දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම මුදල් සම්බන්ධයෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාල උදෘත මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන්නේ ද යන්න පිළිබදව නීිපතිවරයාගෙන් කරුණු විමසන බවයි.

අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් ලබන 28 ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.

හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙන ස්ථානයකට ගොස් එම ප්‍රකාශය ලබා ගන්න බව ලිපියක් මගින් දැනුම් දී ඇතැයිද ඇය අධිකරණයට දන්වා සිටියා.

අධිකරණයේ පෙනී නොසිටි වින්දනයක් ආරක්ෂා කිරීමේ අධිකාරියට නැවතත් නොතීසි නිකුත් කරන ලෙස නියේා්ග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඉදිරි දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.


No comments:

Post a Comment

Post Bottom Ad