ඉස්පිරිතාලෙට ලක්ෂයක් යනවා ගියොත් ලක්ෂයම ආපහු ගෙදර එන්නේ නැහැ... ඒ නිසා තමයි ළඟම මල් ශාලාවක් දාලා තියෙන්නේ...එක තමයි යථාර්ය - කෙහෙලිය (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 18, 2023

ඉස්පිරිතාලෙට ලක්ෂයක් යනවා ගියොත් ලක්ෂයම ආපහු ගෙදර එන්නේ නැහැ... ඒ නිසා තමයි ළඟම මල් ශාලාවක් දාලා තියෙන්නේ...එක තමයි යථාර්ය - කෙහෙලිය (VIDEO)

රෝගී වී පුද්ගලයන් ලක්ෂයක් රෝහලට ගියොත් ඒ සියලු දෙනාම නැවත යහතින් පැමිණෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

රෝහල් ආසන්නයේම මල්ශාලා පිහිටුවා ඇති ඒ නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.

යථාර්ය බවත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා ගැනීමට කිසිවකු උවමනා නම් එය වෙනම කතාවක් බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඖෂධ අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ චෝදනාවලට පිළිතුරු සපයමිනි.

මහනුවර රෝහලේදී මරණයට පත් වූ දැරියට ලබාදී තිබු එන්නත දැනට වසර 20ක පමණ සිට ශ්‍රී ලංකාවට ගෙන එන බවද පැවසූ ඔහු එම එන්නත ලබා දුන් තවත් දරුවන් දොළොස් දෙනකු ඒ අවස්ථාවේදී ද දැරිය සිටි වාට්ටුවේ සිටි බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad