සතොස සියළු සේවකයන් 30දා සිට ගෙදර යැවීමට එරෙහිව විරෝධතා…සභාපති පසද යාපා කාර්යාල අඩස්සියට (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 16, 2023

සතොස සියළු සේවකයන් 30දා සිට ගෙදර යැවීමට එරෙහිව විරෝධතා…සභාපති පසද යාපා කාර්යාල අඩස්සියට (VIDEO)

සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි 300ක් පමණ වන සියළු සේවකයන් මේ මස 30 වන දින සිට අනිවාර්ය විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව සියලුම සේවකයන්ට මෙම මස තිස් වෙනිදා සිට මාසික වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් ගෙවන බවට සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව එම සේවකයන් එහි ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා කාර්යාල අඩස්සියට පත් කර විරෝධතාවය පල කර තිබේ.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය ලැබීමත් සමග පාලනාධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇත.

අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ මෙය අමාත්‍ය මණ්ඩල තීරණයක් නිසා තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවයි.

මෙම තීරණයට විරෝධය පළ කරමින් ඉදිරි සති සිට වෘත්තීය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සේවකයන් කියා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad