විමල්ගේ හෙලිකොප්ටරය අතහැර උද්දික, දිලිත්ගේ ගුවන් යානයට නගී… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 17, 2023

විමල්ගේ හෙලිකොප්ටරය අතහැර උද්දික, දිලිත්ගේ ගුවන් යානයට නගී…

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවෙයි. ඒ අනුව ඔහු ව්‍යාපාරිකා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මවුබිම ජනතා පක්ෂයට එක්වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඉදිරි මැතිවරණයකදී ඔහු එය නව එම පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වැදීමට සූදානමින් සිටින බවද පැවසෙයි.

මේ වන විටත් ඔහු ඊට අදාළව දිස්ත්‍රික්කයේ මහජන හමුවල අදහස් පල කරමින් සිටියි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවර තේරී පත් වූ මන්ත්‍රීවරයා මෑතක දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹන බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad