ආදර හේමා අයියා පක්‍ෂය දුන් හේතුව දිලිත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 14, 2023

ආදර හේමා අයියා පක්‍ෂය දුන් හේතුව දිලිත් කියයි

මවුබිම ජනතා පක්ෂය තමන් විසින් මිළට ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් තම සමාජ ජාලයෙන් ඔහු විසින් මෙම සටහන තබා ඇත.

“ලොව සිදුවන සියලු ගනුදෙනු මුදලට සිදුවනු ඇතැයි සිතීම අවැඩදායකවේ .

මව්බිම ජනතා පක්ෂයේ බහුතර තනතුරු මා සහ තවත් ( සාපේක්ෂව ) තරුණ පිරිසක් වෙත ලබා දීමට මා දිගු කලක් ඇසුරු කල ,අපේ ආදරණීය හේමා අයියා ( ආචාර්‍ය් හේමකුමාර නානායක්කාර මහතා) කටයුතු කලේ එම පක්ෂයේ වැඩිහිටි ,දැන උගත් මෙන්ම ගරු කටයුතු උත්තරීතර මන්ඩලයේ ඒකමතික තීරණයෙනි.

ඊට බලපෑ කරුණ වූයේ අප ඔවුන් වෙත ඉදිරිපත් කල “නව දේශපාලනය ආඛ්‍යානය” මිස අන් කිසිවක් නොවේ. මෙය පක්ෂයක් මිලදී ගැනීමක් ලෙස දැක්වීම එම ගෞරවනීය මහත්ම මහත්මීන්ට කරන නිගරුවක් ලෙස දැනේ.

දෙවනුව , මා මිත්‍ර රංජිත් විජයවර්ධන සහ සුජාන් විජේවර්ධන, ඔවුන්ට හිමි Daily Mirror පුවත් පතේ අද “GR TO BACK new political party “ ප්‍රධාන ශීර්ශය යටතේ පලකොට ඇති ලිපිය එනයින්ම අසත්‍ය කරුණු ඇතුලත් ලිපියකි . ඔවුන් මෙය නිවැරදි කරනු ඇතැයි සිතමි “


No comments:

Post a Comment

Post Bottom Ad