IND-PAK ටිකට් අලෙවි නොවේ... මිල ගණන් විශාල ලෙස අඩු කරයි... මුලින් 10,000යි... දැන් 1500යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 1, 2023

IND-PAK ටිකට් අලෙවි නොවේ... මිල ගණන් විශාල ලෙස අඩු කරයි... මුලින් 10,000යි... දැන් 1500යි

ආසියානු කුසලාන තරගාවලිය යටතේ 02 දිනයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පකිස්ථානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු විශාල වශයෙන් පහළ දැමීමට කටයුතු කර තිබේ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රවේශ පත්‍ර විශාල ප්‍රමාණයක් අලෙවි නොවීම මත මෙම පියවර ගෙන ඇත.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අදාළ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගයේ අඩුම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් දසදහසකට ආසන්නව මුලින්ම මිල නියම කර තිබුණු අතර එය මේ වන විට රුපියල් 1500ක් දක්වා මිල අඩු කර තිබේ.

මෙසේ මිල පහත දැමීම හේතුවෙන් තරගය සදහා ප්‍රවේශ පත් මිලදී ගැනීම වැඩි උනන්දුවක් දක්නට ලැබින.


No comments:

Post a Comment

Post Bottom Ad