ජනාධිපතිවරණය තියන්න බිලියන 11ක් වෙන් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 1, 2023

ජනාධිපතිවරණය තියන්න බිලියන 11ක් වෙන් කරයි!

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, මේ මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක මුදලක් වෙන්කර තිබේ.
ව්‍යවස්ථානුකූලව ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

2024 විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වියදම රුපියල් බිලියන 3,860 කි.

මෙය 2023 ට සාපේක්ෂව රුපියල් බිලියන 203ක වැඩිවීමකි. 2023 වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,657 කි.

2024 විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය වෙනුවෙනි. ඒ බලියන 886කි.

දෙවනුවට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය වෙනුවෙනි. එම මුදල බිලියන 723කි.

තෙවනුවට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙනි. එම මුදල බිලියන 322කි.

No comments:

Post a Comment

Post Bottom Ad