ත්‍රිකුණාමලය වැලි ජාවාරම වැටලීම : නාවික හමුදා සෙබළුන් 12 කට තුවාල, 4 කට බරපතලයි (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

ත්‍රිකුණාමලය වැලි ජාවාරම වැටලීම : නාවික හමුදා සෙබළුන් 12 කට තුවාල, 4 කට බරපතලයි (PHOTOS)

ත්‍රිකුණාමලය වැලි ජාවාරම වැටලීම : නාවික හමුදා සෙබළුන් 12 කට තුවාල, 4 කට බරපතලයි (PHOTOS)

නීති විරෝධි වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් අතරතුර කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගඟට පැන අතුරුදන්වූ එක් තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(29) පස්වරු 04.30ට පමණ අදාල සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි කින්නයා ප්‍රදේශයේම පදිංචිව සිටි තරණයෙකු බව සඳහන් වෙයි.

අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව පොලිසිය සමඟ එක්ව තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදි වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පුද්ගලයින් තිදෙනෙකු මහවැලි ගඟට පැන පලාගොස් ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් ඉන් එක් අයෙකු යලි පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව තිබුණි.

මීට විරෝධය පල කරමින් වැලි ජාවාරම්කරුවන් සහ ප්‍රර්දේශවාසීන් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට උත්සාහ දරා ඇති අතර පසුව නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව නාවික හමුදාව සඳහන් කලේය.

අනතුරුව ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් විසින් යලිත් වරක් ගල් මුගුරුවලින් පහරදී තිබුණි.

එහිදී නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රශකවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad