විදුලි බිල බස්සන්න රවි ක්‍රම සහ විධි සොයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

විදුලි බිල බස්සන්න රවි ක්‍රම සහ විධි සොයයි

විදුලි බිල අඩු කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියේදී මේ වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරන බවද ඇමැතිවරයා පැවැසුවේය.

විදුලි බිලෙන් පාරිභෝගිකයාට
සහන ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ තමා මේ දිනවල කරුණු අධ්‍යයනයක නියැළෙන බවත් ඔහු කීවේය. හැකි ඉක්මනින් අඩු මුදලට විදුලි ජනනය කිරීමේ ක්‍රම වෙත යොමු වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමටත් සිය මූල්‍ය සම්පත් පිළිබඳ දැනුම යොදාගනිමින් විදුලි ක්ෂේත්‍රයේ සියලු අංශවල වියදම් අඩු කරගනිමින් ලංවිම පාඩු නොලබන තත්ත්වයකට ගෙන ඒමටත් තමා බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

මෙතෙක් අධික මිලක් විදුලි බිල සඳහා ගෙවීම නවතා එයට යම් ප්‍රතිලාභයක් ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළව තමා ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ ඒ පිළිබඳ නිපුණත්වයක් ඇති වෘත්තීයවේදීන් සමඟද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ඔහු කීය.

 -හර්ෂනී අර්සකුලරත්න-

No comments:

Post a Comment

Post Bottom Ad