ජනපතිගෙන් තවත් හෙළිදරව්වක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

ජනපතිගෙන් තවත් හෙළිදරව්වක්

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (30දා) මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයේදී මෙම හෙළි කිරීම සිදුකළේය.
“අද මේ රටේ එක්තරා සුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් බෞද්ධ දර්ශනය පිළිබඳව, බුදුන් වහන්සේගේ උපත පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකතනයන් කරමින්, පොත් මුද්‍රණය කරමින්  මේ රටේ බෙදා හරිනවා. ඒ පිටුපස ඉන්නේ ඒවාට මුදල් දෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ මුලස්ථානයයේ තමයි මේ රටේ ඓතිහාසික උරුමයන් වන වසර දහස් ගණනවක්  අප විසින් ආරක්ෂා කළ, සුරක්ෂිත කළ කාටවත් නොදුන්න ලියකියවිලි තියෙන්නේ.

පසුගිය දවස්වල එම දෙපාර්තමේන්තුව රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එකඟතාවයත් අනුමැතියක් නැතුව විදේශ රටකට ඒ සියල්ල දීලා තියෙනවා. ඒ නියෝජිතයා ඇවිත් ඒ සියල්ල පොටෝ කොපි කරගෙන, ස්කෑන් කරගෙන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අරන් ගිහින් තියෙනවා.

එක් පැත්තකින් බෞද්ධ දර්ශනය විකෘති කරලා පෙන්වන්න ගෙන යන කුමන්ත‍්‍රණ. තවත් පැත්තකින් ජාතික ලේඛනාරක්ෂක ආයතනය වැනි අපේ උරුමයන්, අපේ මහා සංස්කෘතියක් සමඟ ගොඩනැගුණු ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ඒ මහා වටිනාකම් විනාශ කරන ක‍්‍රමන්ත‍්‍රණ. මේවා අප විසින් තේරුම් ගත යුතු වෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad