කොල්ලුපිටියේ කුඩු ජාවාරමේ යෙදුණු ඇමරිකානුවන්ගේ මාසික වැටුප එක්‌කෝටි අසූ ලක්‌ෂයක්‌. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

කොල්ලුපිටියේ කුඩු ජාවාරමේ යෙදුණු ඇමරිකානුවන්ගේ මාසික වැටුප එක්‌කෝටි අසූ ලක්‌ෂයක්‌.

Loading...

කොල්ලුපිටියේ සුපිරි මහල් නිවාසයකදී හෙරොයින් කිලෝග්‍රෑම් 95 ක්‌ සමඟ අත්අඩංගුවට ගත් ඇමරිකන් ජාතිකයන් දෙදෙනා ඇමරිකන් ඩොලර් ලක්‌ෂයක (රුපියල් එක්‌ කෝටි අසූලක්‌ෂයක) මාසික වැටුපක්‌ යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට සේවය කර ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම මහල් නිවාසයේදී අත්අඩංගුවට ගත් ඇµaගනිස්‌තානු ජාතිකයා ඇතුළු සංවිධානාත්මක පිරිසක්‌ මෙම කල්ලියට සම්බන්ධ වී සිටි අතර ඇමරිකන් ජාතිකයන් දෙදෙනා මාස දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඔවුන් යටතේ රැකියාව කර ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී මත්ද්‍රව්‍ය ප්‍රකාශක අංශයේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය ඇමරිකන් ජාතිකයන් යොදාගෙන තිබුණේ පොලිසියට ඔවුන් කෙරෙහි සැකයක්‌ මතු නොවන නිසා බවය.
හෙරොයින් ජාවාරම් සඳහා සම්බන්ධ වූවන් බහුතරයක්‌ පාකිස්‌තාන්, ඇµaගනිස්‌තාන්, ඉන්දීය, බංගලිදේශ ජාතිකයන් වීම නිසා පොලිසිය ඔවුන් කෙරෙහි වැඩි අවධානයකින් පසු වෙයි.
මේ හේතුව නිසා පොලිසියේ සැකයට භාජන නොවී හෙරොයින් අලෙවි කිරීම සඳහා ඉහළ වැටුපක්‌ යටතේ ඇමරිකන්a ජාතිකයන් දෙදෙනකු සිය සේවයට මොවුන් ලබා ගෙන ඇති බව ද උසස්‌ නිලධාරියා කියා සිටියේය.
කොල්ලුපිටියේ පිහිටි සුපිරි මහල් නිවාසයක්‌ පවත්වාගෙන ගිය හෙරොයින් ගබඩාවක්‌ වැටලූ පොලිස්‌ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය එහි තිබූ රුපියල් කෝටි 108 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ සමඟ සැකකරුවන් පස්‌දෙනකු පසුගියදා අත්අඩංගුවට ගත්තේය.
-දිවයින පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad