බ්‍රිතාන්‍යයේ සෑම පොලිසියක්‌ම බ්‍රිගේඩියර් ප්‍රියංක සොයයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

බ්‍රිතාන්‍යයේ සෑම පොලිසියක්‌ම බ්‍රිගේඩියර් ප්‍රියංක සොයයි.

Loading...

 බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ සියලුම පොලිසිවලට අවශ්‍ය කරන අයකු ලෙස නම් කර ඇත. වෙස්‌ට්‌මිනිස්‌aටර් අධිකරණයේ විනිසුරුවරිය වූ සෝනියා හෙන්ස්‌ලේ විසින් මෙම නම් කිරීම කර තිබේ.
බ්‍රිගේඩියර්වරයාට එරෙහිව කොටි ඩයස්‌පෝරාව ගොනු කළ නඩුවට විදේශ කටයුතු බලධාරීන් නීතිවේදියකු ඉදිරිපත් නොකිරීමේ හේතුවෙන් මෙය සිදු වී ඇත.
ඒ වෙනුවට විදේශ කටයුතු බලධාරීන් වෙස්‌ට්‌මිනිස්‌ටර් විනිසුරුවරියගේ තීන්දුව හෙළා දැකීම විහිළුවක්‌ බව ලන්ඩන් නුවර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නීතිවේදියෙක්‌ පැවසීය.
බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නැයි විනිසුරුවරිය වරෙන්තු නිකුත් කරන තුරු අපේ අය බලා සිටියා. මෙය යුද හමුදාවට ලැඡ්ජාවක්‌ යෑයි හෙතෙම කීවේය.ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නීතිවේදීන් 10 කට අධික පිරිසක්‌ සිටිති.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad