බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිතර ශ්‍රී ලංකා හමුදා පිරිසක් ගමන් ගත් රථ පෙළක් බෝම්බයකට හසු වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා කපිතාන්වරයකු හා සෙබළකු මියගොස් තවත් සෙබලුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
මෙම ප්‍රහාරයෙන් යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් H.W.D. ජයවික්‍රම සහ යාන්ත්‍රික බලකායේ කෝප්‍රල් S.S විජේකුමාර ජිවිතක්ෂයට පත්ව ඇති බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම ප්‍රහාරයෙන් කෝප්‍රල් M.G.S. කුමාරසිංහ (1 වන ඉංජිනේරු බලඝණය), ලාන්ස් කෝප්‍රල් K.C. පුෂ්පකුමාර (1වන ඉංජිනේරු බලකාය) සහ ලාන්ස් කෝප්‍රල් C.H.M.S. චන්ද්‍රසේකර (12වන ඉංජිනේරු බලකාය) තුවාල ලබා දැනට රෝහල් ගත කර තිබේ.
මෙම බෝම්බය දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා ඇති අතර ඩුවෙන්සා කාන්තාරය ආසන්නයේදී අද(25) එරට වේලාවෙන් පෙරවරු 6.30 ට පමණ සිදු වී ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දැනට මේ සම්බන්ධයෙන් මාලි හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මුලස්ථානය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව යුධ හමුදා මුලස්ථානය කියයි.
Saturday, January 26, 2019
මාලියේ බෝම්බ ප්‍රහාරයක්: ලාංකික සෙබළුන් දෙදෙනෙකු මිය යති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment