ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තරග පෙන්වන්න රූපවාහිනිය අමුතු ගේමක් ගහයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තරග පෙන්වන්න රූපවාහිනිය අමුතු ගේමක් ගහයි

Loading...
ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග 02 ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීම සඳහා අමුතු ක‍්‍රමවේදයක් භාවිතා කර ඇතැයි වාර්තා වේ.
මෙතෙක් කල් රූපවාහිනිය අනුගමනය කළ ක‍්‍රමවේදයෙන් බැහැරව පියෝ ටී.වී. නාලිකාව මගින් සැටලයිට් හරහා විකාශන අයිතිය ලබාගෙන ඇති දර්ශන භාවිතා කරමින් එම දර්ශන චැනල් අයි නාලිකාව හරහා පෙන්වීමට කටයුතු යොදා ඇති බව රූපවාහිනී සේවකයෝ පවසති.
මේ සමග ක‍්‍රීඩා අංශයේ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත්තේ තරගයේ විකාශන අයිතිය සෘජුව රූපවාහිනියට නොලැබෙන අවස්ථාවකදී සාමාන්‍යයෙන් තරගය අවසානයේ එදින රාත‍්‍රියේ පෙන්වන තරගයේ විශේෂ අවස්ථා සඳහා සංස්කරණය සඳහා දර්ශන ලබාගැනීමේ සිදුවන අවුල නිසාවෙනි.
පියෝ ටී.වී. මගින් ලැබෙන දර්ශන හරහා චැනල් අයි හරහා තරගය විකාශනය කරන හෙයින් රූපවාහිනී සංස්ථාවට දැන්වීම් ප‍්‍රචාරය කිරීමේ අයිතිය අහිමි වී ඇති අතර, මෙමගින් රූපවාහිනී සංස්ථාවට අති විශාල මුල්‍ය පාඩුවක් හා සම්පත් අවභාවිතයක් සිදුවන බව සේවකයෝ පෙන්වා දෙයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad