උත්තරදේවි කන්කසන්තුරය බලා ගමන් අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

උත්තරදේවි කන්කසන්තුරය බලා ගමන් අරඹයි

උත්තරදේවි කන්කසන්තුරය බලා ගමන් අරඹයි

නව බලවේග කට්ටලය සහිත උත්තරදේවි දුම්රියේ සමාරම්භක චාරිකාව අද උදෑසන කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ගමන් ආරම්භ කෙරේ.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ නව බලවේග කට්ටලය මැදිරි 6කින් සමන්විත ය.

වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවන පන්තියේ මැදිරියක් ද ඊට ඇතුළත් ය.

සුඛෝපභෝගී ආසනවලින් සමන්විත එම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ජී.පී.එස්. තාක්‍ෂණය ඔස්සේ සිය ගමනාන්තය පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකි ය.

මෙහි ගමන් කළ හැකි මගීන්ගේ සංඛ්‍යාව 724කි.

නව දුම්රියේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad