ආබාධිත රණවිරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

ආබාධිත රණවිරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප්

ආබාධිත රණවිරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප්

ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ යැපෙන්නන්ට වයස අවුරුදු 55 දක්වා ගෙවන වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. 

මෙහෙයුම් රාජකාරී කටයුතුවලදී ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොට ගෙන හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනත් කටයුතු නිසා හෝ ආබාධිත තත්ත්වයට පත්ව සිටින ත්‍රිවිධ හමුදා රණවිරුන්ට මෙලෙස ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවීමට නියමිත ය.

ඉදිරි මාස 2ක ඇතුළත ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශය ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.

ආබාධිත හා මිය ගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් එම හමුවට කැඳවා තිබිණි.

ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 8ක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad