වටපිට බලන්නැතිව වැරදි තැනින් පාර මාරුවී බරපතල තුවාල ලබයි CCTV - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

වටපිට බලන්නැතිව වැරදි තැනින් පාර මාරුවී බරපතල තුවාල ලබයි CCTV


අද(26) දහවල් 1.30 පමණ කොළඹ, ටී.බී ජායා මාවතේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවේය.

වටපිට නොබලා වැරදි තැනකින් පාර හරහා මාරු වන පුද්ගලයෙක් කොළඹ දෙසට ඉතා වේගයෙන් ධාවනය වු යතුරු පැදියක ගැටී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටී තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා ද මෙහිදී තුවාල ලබා තිබේ. මෙම අනතුර අසල ඇති වෙළඳ සැලක සී.සී.ටීවි කැමරාවක සටහන්ව තිබුණි.
 තුවාල ලැබූ පදිකයා එම ස්ථානයේ සේවය කරන පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad