Wimal arrives at CID - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

Wimal arrives at CID

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණයට අපහාස කළා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ.

මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්යෙන් මෙලෙස ප්‍රකාශ ලබා දීමට නියමිතය.

මේ සිදුවීම සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ශෂි වීරවංශ මහත්මියගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි. ඒ අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad