නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවා

Loading...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අවධාරණය කර ඇත.
තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පෙරේදා (26දා) කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් මහතා පෙන්වා දී ඇත.
ඔහු අවධාරණය කර ඇත්තේ බලතල බෙදාහැරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුව තිබෙන බවත් මධ්‍යම ආණ්ඩුවට යළි පවරා ගත නොහැකි ලෙස පළාත් සභාවලට බලතල බෙදී ගොස් ඇති බවත්ය.
පාලනය කේන්ද්‍රගතව තිබීම හේතුවෙන් එය "ඔටි්‍රයාච්චි" ලෙස හැඳින්විය හැකි අතර බලතල බෙදී තිබීම "කුට්ටයාච්චි" හෙවත් ෆෙඩරල් ලෙස හැඳින්විය හැකි බවද එය මනාව තේරුම් ගත යුතුව තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.
සංකල්ප හා වචන වෙනුවෙන් හිතුවක්කාරී නොවිය යුතු අතර උතුරු නැඟෙනහිර පළාත් ජනතාවගේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුව තිබෙන බවද මන්ත්‍රිවරයා මධ්‍යම කාරක සභාවට පැහැදිලි කරදී තිබේ.
තත්ත්වය එසේ තිබියදී එක් එක් අය තමන්ට හැඟෙන ප්‍රකාශ සිදු නොකළ යුතු බවද එම ප්‍රකාශ දකුණේ ඇතැම් පාර්ශ්ව තම සටන් පාඨ බවට යොදා ගැනීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
-මවිබිම පුවත්පත
.

No comments:

Post a Comment

Post Bottom Ad