"සී.අයි.ඩී.යට බාධාවන නිසා හෙළි කළේ නම් ටිකයි" - රන්ජන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

"සී.අයි.ඩී.යට බාධාවන නිසා හෙළි කළේ නම් ටිකයි" - රන්ජන්

සී. අයි. ඩී. ය කරන පරීක්‍ෂණවලට බාධාවක්‌ වන නිසා එජාප කමිටුව හමුවේ හෙළි කළේ කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් පමණක්‌ යෑයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා  මාධ්‍යයට ප්‍රකාශ කළේය.
 
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවට රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය විසින් පත්කරනු ලැබූ කමිටුව හමුවේ පෙනී සිටීමෙන් පසුව ඒ මහතා මාධ්‍යයට මේ බව කීවේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ නම් සහිතව තොරතුරු මම සී. අයි. ඩී. යට ලියාපදිංචි තැපෑලෙන් යෑව්වා. ඒ පිළිබඳ මගෙන් කට උත්තරයක්‌ ගන්න කියලත් මම කියා සිටියා. මම අද මේ කමිටුව හමුවට ආවේ පෞද්ගලික රෝහලකට ගිහින් මගේ මුත්‍ර සාම්පලයක්‌ ලබාදීලා. මගේ රුධිරයේ කොකේන් නැති බව මා පළමුව තහවුරු කළ යුතුයි. මා අනෙක්‌ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා මුත්‍ර පරීක්‍ෂණයකට පෙනී ඉන්න කියලා.කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්‌තුව දැනුත් මා ළඟ තියෙනවා. මන්ත්‍රීවරුන් පිරිසක්‌ම මගේ නඩු අහන එක සාධාරණ නෑ. මේ සටනින් මා පරාජය වෙන්න පුළුවන්. ඒත් රටේ අහිංසක දරු පරපුරට සිදුවන හානිය ගැන හිතලා මේ සටන දිගටම කරගෙන යනවා."

No comments:

Post a Comment

Post Bottom Ad