"පක්ෂය වෙනුවෙන් හඬ නැඟීම නිසා රංගේට අසාධරණයක් වුණා" - රංගේ වෙනුවෙන් අගමැති පෙරට එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

"පක්ෂය වෙනුවෙන් හඬ නැඟීම නිසා රංගේට අසාධරණයක් වුණා" - රංගේ වෙනුවෙන් අගමැති පෙරට එයි

පක්ෂය වෙනුවෙන් හඬ නැඟීම නිසා පාලිත රංගේ බණ්ඩාර මහතාට සිදුව ඇති අසාධාරණය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කරුවලගස්වැව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

තමන් භාර ගත්තේ ණය ගෙවා ගැනීමට නොහැකිව ආර්ථිකය කඩා වැටී තිබුණු රටක් බවත් පසුගිය වසර හතර තුළ අමාරුවෙන් හෝ එම ණය ගෙවීම ආරම්භ කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ණය ගෙවීම්දී එම අපහසුතාවය සියලු දෙනාටම විඳින්නට සිදුවූ බවත් අනුන්ගේ පව් කරගැසීමට සිදු වූ බවත් පැවසූ ඒ මහතා බඩුමිල, ජීවන වියදම ඉහළ ගියත් බංකොළොත් නොවී ණය ගෙවන අතරම සංවර්ධනය සඳහා ද මුදල් යොදනව බවයි ප්‍රකාශ කළේය.

සංවර්ධනය වෙනුවෙන් රට පුරා වැඩකටයුතු කරන අතර විශාල මුදලක් ඒ සඳහා යොදවා ඇති බවත් තව මාස කිහිපයකින් එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad