ලංවිම ඉන්දියාවෙන් ගෙන්වූවේ වැරදි විදුලි ජනක යන්ත‍්‍ර බිලියන 3ක් මකර කටේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

ලංවිම ඉන්දියාවෙන් ගෙන්වූවේ වැරදි විදුලි ජනක යන්ත‍්‍ර බිලියන 3ක් මකර කටේ.


Loading...

රුපියල් බිලියන 3 ක අති විශාල මුදලක් වැය කරමින් විදුලි බල මණ්ඩල බලධාරීන් ඉන්දියාවෙන් ආනයනය කර ඇත්තේ වැරදි විදුලි ජනක යන්ත‍්‍ර බව හෙළි වී ඇත.

මේ විදුලි ජනක යන්ත‍්‍ර මෙරටට එවූ සමාගම මෙයට පෙර එවැනි යන්ත‍්‍ර නිෂ්පාදනය කර නැත.විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග පැවසුවේ මේ විදුලි ජනක යන්ත‍්‍රවල සේවා සපයන්නා කොළඹ මරදානේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන කුඩා ආයතනයක් බවයි. එහෙත් මේ යන්ත‍්‍ර සඳහා මෙරට නියෝජිතයකු නැත. පිළිගත් තාක්‍ෂණික ප‍්‍රතිපත්තිවලට පටහැනිව මේ යන්ත‍්‍ර මෙරටට ගෙන්වා ඇති බවත් එම යන්ත‍්‍රවලින් 10 ක් තුල්හිරියේ ස්ථානයක දමා ඇති අතර ඒවා නවීකරණය කිරීමට විදුලිබල මණ්ඩල බලධාරීන් උත්සාහ කරන බවත් වර්තා වේ.මේ විදුලිජනක යන්ත‍්‍ර ගෙන්වීම පිටුපස මෙරට දේශපාලනඥයකු සිටින බවද හෙළි වී ඇත.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad