රුවන්වැලිසෑ විහාරස්ථානයේ අටපිරිකර දහසයක් සොරකම් කළ දාහතර හැවිරිදි පුතා,සොරකමේ යැවු මවයි අනියම් පෙම්වතයි කොටුවෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

රුවන්වැලිසෑ විහාරස්ථානයේ අටපිරිකර දහසයක් සොරකම් කළ දාහතර හැවිරිදි පුතා,සොරකමේ යැවු මවයි අනියම් පෙම්වතයි කොටුවෙති


Loading...

මවගේ අනියම් පෙම්වතා සමග බාලවයස්කාර පුතු විවිධ සොරකම් ස`දහා යොමුකල මවක් ඇගේ අනියම් පෙම්වතා සහ දාහතර හැවිරිදි පුතු සමග පෙරේදා(27* දින අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලීසිය පවසයි.

 මෙම මව සහ දරුවා නොච්චියාගම ඉහල සිංහාරගම ප‍්‍රදේශයේ පදංචි අයවළුන් වන අතර මවගේ අනියම් පෙම්වතා යැයි පැවසෙන සැකකරු 38 කණුව මහබුලංකුලම ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි. රුවන්වැලිසෑ විහාරස්ථානයේ අටපිරිකර දහසයක් ,ධර්ම පුස්ථක දෙකක් ඇතුළු සොරකම් රුසක් මොවුන් විසින් සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

 මෙම සොරාගත් භාණ්ඩ රුසක් සැකකරුවන්ගේ නිවෙස් වල හා විවිධ ස්ථාන වල තිබියදී පොලීසිය මගින් සොයාගන පොලිස් භාරයට ගෙන ඇත.

 බාල වසය්කාර සැකකරුගේ මවගේ අනුදැනුම මත මෙම සොරකම් සිදුව ඇති අතර සොරකමට අනුබල දීම යටතේ ඇයද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

 සැකකරුවන් ඊයේ (28) දින තමුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණ හමුවට ඉදිකිරීමට නියමිතව තිබුණි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad