"ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න 50ක් 60ක් ඉන්නවා" - එජාප පසුපෙළ කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

"ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න 50ක් 60ක් ඉන්නවා" - එජාප පසුපෙළ කියති

2019 අයවැයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂ පරාජයට පත් කිරීම සඳහා දැනට මැති ඇමතිවරුන් පනහක - හැටක පමණ සංඛ්‍යාවක් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයේ හැර අනෙකුත් සියළුම වැය ශීර්ෂ පරාජය කිරීමට තමන් කටයුතු කරන බවයි එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අවධාරණය කළේය.

මුලදී තමන් දහ පහළොස් දෙනෙකු එක්වී මෙම ආරම්භ කිරීමට කටයුතු කළත් දැන් පනහක - හැටක පිරිසක් මේ සඳහා පෙළගැසී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා ඇමතිවරුන් පිරිසකගේ සහයෝගය ද ලැබී ඇති බවයි හේෂා විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad