"රටේ රජතුමාට කන්න බොන්න නැති කරලා දාන එකට මං විරුද්ධයි" - තෙවරප්පෙරුම එජාප පසුපෙළ තීරණයට විරුද්ධ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

"රටේ රජතුමාට කන්න බොන්න නැති කරලා දාන එකට මං විරුද්ධයි" - තෙවරප්පෙරුම එජාප පසුපෙළ තීරණයට විරුද්ධ වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂ පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන ඇති තීරණය සමඟ තමන් කිසිසේත් එකඟ නොවන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ජනාධිපතිවරයා යනු අපේ රටේ රජතුමා හෙවත් නායකයා බවත් එතුමාගේ වැය ශීර්ෂ කපා හැර එතුමාට කන්න බොන්න නැතිකර දමන තත්වයකට පත් කිරීමට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවයි ඒ මහතා අවධාරණය කළේ.

චන්ද්‍රිකා මැතිණියගේ වියදම් රාජිතලා කපා දැමූ අයුරින් මෙවැන්නක් සිදුකිරීම සුදුසු නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad