ඩකාහි ගින්නකින් ලාංකිකයෙකු ඇතුළු 7ක් මරුට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

ඩකාහි ගින්නකින් ලාංකිකයෙකු ඇතුළු 7ක් මරුට

ඩකාහි ගින්නකින් ලාංකිකයෙකු ඇතුළු 7ක් මරුට
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් අතරතුර එහි සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී ඔහු ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
 
මෙලෙස ඇද වැටී මියගොස් ඇත්තේ, නිරාස් චන්ද්‍ර නමැති ශ්‍රී ලාංකිකයා බව පොලිස් ප්‍රධානියෙකු සඳහන් කර ඇති බවත්, රෝහල්ගත කිරීමේදී ඔහු මියගොස් ඇති බවත් ඩකා ට්‍රයිබියුන් වෙබ් අඩවියේ සඳහන් ය.
 
විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සදහන් කළේ ගින්නට හසුවූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රෝහල්ගත තිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බවයි.
 
තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 20 කට අධිකයි. ඩකා නුවර පිහිටි වෙළඳ සංකීර්ණයක් සහ කාර්යාල රැසක් සහිත බනානි නමැති මහල් 19 කින් යුත් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන තිබේ.
 
ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ මහල් ගොඩනැගිල්ල තුළ ගින්නට මැදිව තවත් පිරිසක් සිරවී සිටින බවයි.
 
ගින්න පාලනය සඳහා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad