ජවිපෙ විපක්ෂ නායක කාර්යාලයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

ජවිපෙ විපක්ෂ නායක කාර්යාලයට

ජවිපෙ විපක්ෂ නායක කාර්යාලයට

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා , විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇත.

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂවල නායකයින් සමඟ ඊයේ (05) පස්වරුවේ පැවති රැස්වීමේදී සාකච්ඡා වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

විපක්ෂ නායකයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ මහතා සමඟ දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිත බව ද විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad