"ජනපතිවරණයට තව කල් තිබෙනවා" - මහින්ද සජිත්ට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

"ජනපතිවරණයට තව කල් තිබෙනවා" - මහින්ද සජිත්ට කියයි

ජනපතිවරණයට තවත් කාලය ඇති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පැවැසීය.  

විපක්ෂනායක මහින්ද රජපක්ෂ මහතා දේශීය සිනමාව සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිතුරු ලබාදෙමින් සිටින විට ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තම තුන්හිතකවත් එවැනි අදහසක් නොමැති බවත් එසේ සිතීම ගැන හිටපු ජනපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එසේම 2013 සිට ක්‍රියාත්මක නොවූ සිනමා ශිල්පීන්ට වාහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරිමට  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහා සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad