Loading...
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.
අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව තිබේ.
වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින. ඒ අනුව වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත් විය.
අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමති විශාල පිරිසක් චම්පික රණවක මහතාගේ වැය ශීර්ෂය ඡන්දය දීමට නො පැමිණ සිටීම විශේෂත්වයකි.
අයවැය පලමුවර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 117ක් ලැබුනු අතර ඉන් චම්පික රණවක මහතාට පක්‍ෂ වී ඇත්තේ 20ක් පමණි.
-lankasinhalanews
No comments:
Post a Comment