අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් බලන්න දින 5 ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් බලන්න දින 5 ක්

අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් බලන්න දින 5 ක්

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැදවූවන් බැලීම සඳහා  ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර දින 5ක් ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මීට පෙර සිංහල හා  හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලැබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනක් පමණි.                                   

නමුත් එම දිනයන්හි පවතින ප‍්‍රවාහන දුෂ්කරතාද සැලකිල්ලට ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙවර  අපේ‍්‍රල් මස 13 සිට 17  දක්වා බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමිවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad