"අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුණේ නෑ" - මහින්දගෙන් පැහැදිලි කිරීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

"අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුණේ නෑ" - මහින්දගෙන් පැහැදිලි කිරීමක්

අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති නිදහස් කලා සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා,

"එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ යන මහත්වරුන් UNP එකෙන් ඉවත් වී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මුල් වු වුණා. එබැවින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට UNP එකත් සමඟ කිසිම ගණුදෙනුවක් නැහැ. අපිට ගියවර මහ මැතිවරණයෙන් ඡන්ද ලැබුනේ UNP එකත් සමඟ එකතු වී ආණ්ඩු කිරීමට නෙවෙයි. මොවුන් UNP සමඟ ආණ්ඩු කිරීමට යාම නිසයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බිහි වුනේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස තරඟ කළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සියලු පක්ෂ අභිබවා පළාත් පාලන ආයතනවල බලය ගත්තා. මම අගමැතිවරයාට කිව්වා සංවර්ධන ව්‍යාපෘතින් නවත්තන්න එපා ඒවායේ වැරදි සිදු වී තිබෙනවානම් පරික්ෂා කරන්න. ඒවා නැවැත්වුවොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා. මෙයාලා අවුරුදු දෙකක් තිස්සේ පරික්ෂණ කරලා අපි ආරම්භ කල ව්‍යාපෘතීන්ගේ  බෝඩ් ලෑලී ගලවලා මෙයාලගේ නම් ගසා නැවත පටන් ගත්තා."

"දැන් හම්බන්තොට වරාය විකුණලා. මත්තල විකුණන්න හදනවා. කෝච්චිය බෙලිඅත්තට එන්න තිබුනේ මීට අවුරුදු දෙකකට කලින්. නුවරඅධිවේගි මාර්ගයේ වැඩ අවසන් වෙන්න තිබුනා. රත්නපුර අධිවේගී මාර්ගයේ ආරම්භ වෙන්න තිබුනේ. දැන් විදුලි අර්බුදයකුත් තියෙනවා. අපි නොරොච්චෝලේ, කෙරවලපිටිය, ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර හදපු නිසා තමුන්නාන්සේලාට මෙහෙමවත් විදුලිය ලැබෙනවා. අපි ආරම්භ කිරීමට සුදානම්ව තිබු සාමපුර් වැනි බලාගාර  නවතා දැම්මා තමයි. විදුලිය කප්පාදුවට හේතුව දැන් විදුලිය පිටින් වැඩි ගණනට අරගෙන එයින් කොමිස් ගන්නයි මේ උදවිය කටයුතු කරන්නේ. රටක විනයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. උදේට කියන දේ මේ ආණ්ඩුව දවල්ට වෙනස් කරනවා. දවල්ට කියනදේ රෑට වෙනස් කරනවා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ. එක ප්‍රතිපත්තියක් තිබිය යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad