
පිටකොටුව, බැස්ටියන් මාවතේ සිදු කළ මෙහෙයුමකදී ඩෙටනේටර් 87 ක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, බැස්ටියන් මාවතේ, පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබීයදී ඩෙටනේටර් 12 ක් සහ එම ප්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයක තිබී ඩෙටනේටර් 75 ක් සොයා ගත් බවයි.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකිනි.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ
No comments:
Post a Comment