මන්නාරමේ නිවසක ගෙවත්තකින් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

මන්නාරමේ නිවසක ගෙවත්තකින් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමු වෙයි

මන්නාරමේ නිවසක ගෙවත්තකින් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමු වෙයි

මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.

ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක අදාල පුපුරණද්‍රව්‍ය තොගය තිබි ගෙහිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේ එය දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දී ඇති බවටයි.

ලීටර 20 ක ප්‍රණයේ කෑන් එකක් තුළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ මෙලෙස සොයාගෙන ඇති සොයාගත් පුපුරණ ද්‍රවය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් එම ස්ථානයට පැමිණ අදාල පුපුරණදුව්‍ය තොගය ගොඩට ගෙන නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad