"ලබන වසරේ අවුරුදු සමරන්නේ අපේ ආණ්ඩුවත් එක්ක" - නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

"ලබන වසරේ අවුරුදු සමරන්නේ අපේ ආණ්ඩුවත් එක්ක" - නාමල්

මෙරට ජනතාව ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවක් තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් මැතිවරණ පවත්වන ලෙස යහපාලන ආණ්ඩුවට බලකර සිටින බව ද පැවසු මන්ත්‍රීවරයා, පළාත් සභා මැතිවරණය කල්දැමීමට කිසිසේත් කටයුතු නොකර ලෙස ද පැවසීය.

තව දුරටත් මෙරට ජනතාවගේ ජිවිත විනාශ නොකර සිටින ලෙස ආණ්ඩුවට පැවසු මන්ත්‍රීවරයා, ආණ්ඩු වෙනස් කරන සටනට ජනතාවට එකතු වෙන ලෙස ද කියා සිටියේය.

නිසැකයෙන්ම පුළුල් සන්ධානයකින් මහින්ද ප්‍රමුඛ නව රජයක් ඇති කරන බවත් ඒ තුළින් උතුරු නැගෙනහිර යා කළ හැකි බවත්, මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සාකච්ඡා කරමින් සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad