මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි කියූ මොහොමඩ් ෆර්සාන් ෆේස්බුක් ලයිව් ඇවිත් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි කියූ මොහොමඩ් ෆර්සාන් ෆේස්බුක් ලයිව් ඇවිත් !

පසුගිය දින එල්ල වූ පාස්කු ප්‍රහාරයට එක්වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙස සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්වූ පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවිව අමතා මෙම ප්‍රහාරයට තමන් වගකිව යුතු නැති බව ප්‍රකාශ කර තිබේ.


මොහොමඩ් තාහා ෆර්සාන් නම් ශ්‍රී ලංකා තවුහීද් ජමාද් සංවිධානයේ සාමාජිකයා මෙලෙසින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙසට කටයුතු කර තිබෙන බවට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙමින් පැවතුනා. කෙසේ වෙතත් එම ගිණුම් හිමියා යැයි කියන පුද්ගලයෙක් ෆේස්බුක් ලයිව් පහසුකම ඔස්සේ පැමිණ සජීවිව අමතා ප්‍රකාශ කළේ තමන් ඒ ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සංවිධානය නැෂනල් තවුහීද් ජමාද් නම් අන්තවාදි ඉස්ලාම් සංවිධානයකි. ශ්‍රී ලංකා තවුහීද් ජමාද් යනු තවත් ඉස්ලාම් සංවිධානයක් වන අතර, නැෂනල් තවුහීද් ජමාද් යනු ශ්‍රී ලංකා තවුහීද් ජමාද් සංවිධානයෙන් කැඩී ගිය සංවිධානයක් බවද කියවේ.

කෙසේ වෙතත් මෙවන් අන්තවාදි සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයන් තවමත් අත්අඩංගුවට පත් නොවී නිදහසේ ගැවසීමද ගැටලුවක් බවට සමාජජාලා මාධ්‍යයේ අදහස් පළව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad