අද පාර්ලිමේන්තුව රැස් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (23) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇත.

ඒ  අනුව අද පස්වරු 1.00 සිට පස්වරු 2.00 දක්වා පාර්ලිමේන්තුව රැස්වී  සාකච්ඡා කිරීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කළේය.

එහිදි අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායකවරයාත් රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ සිදුකිරීම නියමිතව තිබේ.

හදිසි නීතියට අදාළ රෙගුලාසී පිළිබදව ඊයේ (22) මධ්‍යම රාත්‍රී නිකුත් වූ ගැසට් පත්‍රය ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබද විවාදය හෙට (24) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකිරීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad