Loading...
සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් ගෝඨාභය යනු කුමනාකාකරයේ පුද්ගල චරිතයක් ද යන්න හොඳාකාරවම දන්නා බවත් අනුකම්පා විරහිත පුද්ගලයකු ලෙස ප‍්‍රකට ඔහු කෙරෙහි ජනතා ප‍්‍රසාදයක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.
‘දිවයින’ ට විශේෂ ප‍්‍රකාශයක් ලබා දෙමින් අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා කියා තිබුණා මේ දිනවල එයාගේ හෘද ස්පන්දනය වෙන්නෙත් ගෝඨා... ගෝඨා... කියලා. නමුත් මම කියන්න කැමතියි රටේ ජනතවගේ හෘද ස්පන්දනය වෙන්නේ ගෝඨා.... සුදු වෑන් ගෝඨා.. සුදු වෑන් කියලා. මේ රටේ මිනිස්සු මර බිය කුමක්ද කියලා හොඳාකාරවම දන්නවා. උතුරු නැෙඟනහිර, හම්බන්තොට, කොළඹ, දකුණ ප‍්‍රදේශවල ජනතාව කිසිදු පක්‍ෂ පාට, ජාති භේදයකින් තොරවම ගෝඨාභය පරාජය කරන එක සැකයක් නැහැ. මට බය නැතිව කියන්න පුළුවන් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණොත් අනෙක් අපේක්‍ෂකයන්ට ‘ගේමක්’ නැහැ කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ට අමතකව ගිය සුදු වෑන් සංස්කෘතිය නැවත පැමිණෙනවාට කවුරුත් කැමැති නැහැ. ඒ නිසා මර බිය හඳුනන ජනතාව ගෝඨාභය රාජපක්‍ෂව එකහෙළා ප‍්‍රතික්‍ෂේප කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.
ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සුළුපටු නැහැ. මේ එකක්වත් ජනතාවට සඟවන්න බැහැ. මේ තිබෙන භයානක චෝදනා නිසාම ඔහු ජනාධිපතිවරණයට මුවා වෙන්න හදනවා. නමුත් සත්‍ය කවදා හෝ එළි වෙනවාමයි. එදාට ගෝඨාභය රාජපක්‍ෂ සිටිය යුතු තැන නීතිය තීරණය කරයි. රාජපක්‍ෂලා නිසා පීඩා විඳපු හුඟක් අය බලාගෙන ඉන්නේ මේ රටේ නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක වී සත්‍ය ජය ගන්නා තුරු.
-දිවයින

No comments:
Post a Comment