පොල්තෙල් ගැන ගුණ අගුණ කියන්න රාජිත සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

පොල්තෙල් ගැන ගුණ අගුණ කියන්න රාජිත සූදානම්

පොල්තෙල් ගැන ගුණ අගුණ කියන්න රාජිත සූදානම්

එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණ. අප්‍රේල් මස 01 සිට 07 දක්වා ආහාර සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මකයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ දී  ද, නත්තල් හා අළුත් අවුරුද්ද වෙනුවෙන් දෙසැම්බර් මාසයේ දී ද ආහාර සුරක්ෂිතතා සති සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරනවා. මෙවර තේමාව වන්නේ “සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි.” මෙම සතිය තුල දී සදුදා, අගහරුවාදා සහ බදාදා යන දිනවල දී ආහාර පරිහරණ කරන ආයතන, ආහාර කර්මාන්ත, හෝටල්, බේකරි, සිල්ලර කඩ, තේ කඩ, සුපිරි වෙළෙදසැල් පරික්ෂා කිරීමට නියමිතය.

බ්‍රහස්පතින්දා දිනවල රජයේ ආයතන, දුරගමන් සේවා බස් රථ නැවතුම් ආපන ශාලා, කර්මාන්ත ශාලා ආපන ශාලා, රාත්‍රී කඩ, වීදි කඩ පරීක්ෂා කිරීමට නියමිත අතර, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල දී සෞඛ්‍ය ආයතන, වෙනත් රජයේ ආයතන, පාසල් සහ ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය. මෙම සතිය තුල දී භාවිතයට නුසුදුසු ආහාර සොයාගත් පසු ඒවා විනාශ කිරීමටත්, නීතිමය පියවර ගැනීමටත් කටයුතු යොදා ඇත. වෙළෙද සැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් දැනුවත් කරන අතර, පාරිභෝගිකයාට සුරක්ෂිතව ආහාර පිළිගැන්වීම ද ක්‍රියාත්මක වෙයි. මෙහිදී ආහාර අතින් නොඅල්ලා කිසියම් උපකරණයකින් පාරිභෝගිකයාට ලබාදිය යුතු වෙනවා. හෝටල් සහ ආපන ශාලා ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී තවත් නීති රීති ගෙනඒමට අපි තීරණය කර තිබෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad